විදුහල්පති පණිවිඩය
S.A.D.P.සුරවීර මිය
සබරගමුව පළාත් සභා පාසල් සමුහය අතර ප්‍රමුඛ නමක් දිනාගත් කෑ/දැදි/කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය විවිධ ක්ෂේස්ත්‍ර හරහා ජාතික මට්ටමේ ඇගයීමට පත්වු පාසලකි. නව සහසේ ලොව දිනනා,නැණ ගුණ වැර- පිරි දරුවන් යන දැක්ම ඉටුකර ගැනීමේ විශාල වගකීමක් පැවරී ඇති මෙම පාසලේ විදුහල්පති ලෙස සේවය කිරීමට ලැබීම ගැන සතුටු වෙමි.
මුළු මහත් විශ්වයම ගෝලියකරණය වෙමින් පවතින අවධියක අද, හෙට ලොව දකින නිර්මාණාත්මක චින්තනයකින් හා සමබර පෞරශයකින් හෙබි සමාජයට ඵළදායී දරුවෙකු බිහි කිරීමේ අරමුණිනන් කටයුතු කරන කිනිවිට කනිටු විදුහලට නිල වෙබ් අඩවියක් ආරම්භ කිරීමට කටයුතු කිරීම අතිශයින්ම අගය කළ යුතු විශිෂ්ට ඉදිරි පියවරකි.
අන්තර්ජාලය ප්‍රමුඛ සන්නිවේදන තාක්‍ෂණය දරුවන්ට මෙහෙයවීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර නිසි දැක්මක් ඔස්සේ භාවිතා කිරීම තුළින් දැනුම, ආකල්ප, කුසලතා හා සමබර පෞරෂයකින් යුක්ත සමාජ හිතකාමී දරුවෙකු අප පාසල මගින් සමාජයට දයාද කිරීමට හැකිවනු ඇත.
මෙම නිල වෙබ් අඩවිය නිර්මාණය සදහා දායකත්වය දැරූ සියලු දෙනාට මාගේ ගෞරවය හා ස්තූතිය පිරිනමන අතර, ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමි.
S.A.D.P.සුරවීර මිය
විදුහල්පති
කෑ/දැදි කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය.














