කෑ/දැදි/කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

පාසල් උදෑසන රැස්වීම

WhatsAppImage2024-11-09at40451PM.jpeg
WhatsAppImage2024-11-09at40552PM.jpeg
WhatsAppImage2024-11-09at40712PM.jpeg
WhatsAppImage2024-11-09at40813PM.jpeg
WhatsAppImage2024-11-09at40312PM.jpeg
WhatsAppImage2024-11-08at93529AM.jpeg
WhatsAppImage2024-11-09at41201PM.jpeg
WhatsAppImage2024-11-09at40354PM.jpeg
WhatsAppImage2024-11-09at40734PM.jpeg
WhatsAppImage2024-11-09at40644PM.jpeg

කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

1922.07.03 දින කාන්තා විදුහල්පතිනියක් වන එම්.ඩි.සොෆායා මහත්මිය විසින් තාවකාලිකව සකසා ගන්න ලද ගොඩනැගිල්ලක පන්ති ආරම්භ කර විදුහල සැකසීමට මුලික අත්තිවාරම පිවිසා ඇත. ඉන්පසු 1923 වන විට වත්මන් ප්‍රධාන ශාලාව ලෙස සැලකෙන පෞරාණික පෙනුමකින් යුත් ගොඩනැගිල්ල ඉදිකර මිශ්‍ර පාසලක බවට පත්කර තිබේ. ඉන් අනතුරුව ගොඩනැගිලි සංඛාව තුන දක්වා ඉහල යෑමත් ශිෂ්‍ය ග්‍රහණය 500 දක්වා වර්ධනය වීමත් පාසල් ඉතිහාසයේ හැරවුම් ලක්ෂයට අත්පොත් තැබීමක් විය.විවිධ විදුහල්පති මහත්ම මහත්මාවන් පාසලේ සංවර්ධනයට අහ හිත දෙමින් දියුණුවට පත් විය

2004 වර්ෂයේදී පසු බැසීමක් සිදු වුවත් 2011 වසරින් පසු නැවත පිබිදීමක් සිදු වූ පාසලට,  ඉ නැණසල වැනි පරිගණක මධ්‍යස්ථානයක් ලැබීමත් විදුහලට සිදු වූ මහත් භාග්‍යයකි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 20ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 3කින් සමන්විතය. එකසිය හැත්තෑ හයක්  වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. 

"නව සහසේ- ලොව දිනනා

නැණ ගුණ වැර- පිරි දරුවන්"

 යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කොට්ඨාසයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.